රැකියාව සඳහා රට යන ශ්‍රමිකයින්ට ජනවාරි සිට මේ නීති අනිවාර්යයි

රැකියාව සඳහා රට යන ශ්‍රමිකයින්ට ජනවාරි සිට මේ නීති අනිවාර්යයි

ලබන ජනවාරි මාසයෙන් පසු ශ්‍රමිකයෙකු විදේශ ගතවීමේදී අමෙරිකානු ඩොලර් 15,000 ක රක්ෂණයක් ලබා ගැනීම අනිවාර්ය කෙරෙන නීති ගෙන එන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබේ.

ඊයේ පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක් වෙමින් අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සඳහන් කළ අතර එම රක්ෂණ ආවරණය සඳහා ශ්‍රමිකයින් ගෙන්වා ගන්නා හාම්පුතා විසින් මුදල් ගෙවිය යුතු බවට එම නීති ගෙන එන බවයි පැවසුවේ.

එහිදී විවිවිද භාවයකින් යුක්තව මැදපෙරදිග රක්ෂණ සමාගම් ගණනාවක් තෝරා ගනිමින් එක් එක් රටවල සේවයට යන ශ්‍රමිකයින්ට මෙම රක්ෂණ ප්‍රතිලාභ ලබා දීම සඳහා ක්‍රියාමාර්ග ගන්නා බවත් සඳහන් කළේය.

තවද රක්ෂණය හාම්පුතා විසින් ලබා දෙනතෙක් කාර්යාංශයේ ලියාපදිංචිය ලබා නොදෙන බවත් අමාත්‍යවරයා සිහිපත් කළ අතර මැදපෙරදිග රැකියා සඳහා යන සියලුම ශ්‍රමිකයින්ට මෙම රක්ෂණය අනිවාර්යයෙන් ලබා දීමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කරන බවත් පැවසීය.