ලංකාවේ පාස්පෝට් එක ලොව නරකම පාස්පෝට් අතරට

ලංකාවේ පාස්පෝට් එක ලොව නරකම පාස්පෝට් අතරට

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය ලොව ශ්‍රේණිගත කිරීම්වලින් ඉතාම පහතට වැටී ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඊයේ (19) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අතීතයේ පැවති තත්ත්වය අනුව දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් මේ වනවිට විදේශ ගමන් බලපත්‍ර ශ්‍රේණිගත කිරීම්වල මුල් පෙළට පැමිණ ඇති බවත් අප ද ඒ අනුව අපගේ විදේශ ගමන් බලපත්‍රය වඩා යහපත් ආකාරයට ලොව පුරා පිළිගැනීමකට ලක්වන ආකාරයට යම් පියවර ගත යුතු බව හෙතෙම අද අයවැය විවාදයට එක්වෙමින්අමාත්‍යවරයා පැවැසීය.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) විසින් සපයනු ලබන සුවිශේෂී දත්ත මත පදනම් වූ Henley සමාගම විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන විදේශ ගමන් බලපත්‍ර දර්ශකයට අනුව මේ වසරේ දී ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය 107 වැනි ස්ථානයට පත්ව තිබේ.

2006 වසරේදී ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය Henley දර්ශකයේ 74 වැනි ස්ථානයේ තිබී ඇත. පසුව වාර්ෂිකව ක්‍රමානුකූලව එය පහත වැටී ඇත්තේ පහත පරිදි ය.

ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය නරක අතට හැරී ඇත්තේ එමගින් වීසා රහිතව යා හැක්කේ ගමනාන්ත 41 ක් පමණක් වීම හේතුවෙනි. මෙම සංඛ්‍යාව වැඩිවීමත් සමඟ හොඳ විදේශ ගමන් බලපත්‍රයක් ලෙස ‍දර්ශකයේ ඉහළ අගයකට පත්වේ.

මෙම ශ්‍රේණිගත කිරීම තුළ වීසා රහිතව යා හැකි ගමනාන්ත 40ට අඩු නම් ඒවා නරකම විදේශ ගමන් බලපත්‍ර ලෙස ශ්‍රේණිගත වෙයි.