විදේශිකයින්ට සෞදි අරාබියේ පුරවැසිභාවය ලබා ගන්න අවස්ථාවක්

විදේශිකයින්ට සෞදි අරාබියේ පුරවැසිභාවය ලබා ගන්න අවස්ථාවක්

සෞදි අරාබිය විසින් එරට තුළ විදේශිකයන්ට පුරවැසිභාවය ලබා දීමට කටයුතු කර ඇති බව සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය පසුගිය දා වාර්තා කළේය’

එහිදී නීති වෛද්‍ය,  විද්‍යා, සංස්කෘතික‍ ක්‍රීඩා සහ තාක්ෂණ යන අංශවල විශේෂ දක්ෂතා දක්වන විදේශිකයින්ට මෙලෙස පුරවැසිභාවය ලබා දීමට කටයුතු කරන ලෙස සෞදි රජු විසින් නියෝග කර තිබේ.

අදාල රාජ නියෝගය සමග වෘත්තීය දක්ෂතා ඇති විදේශිකයින්ට සෞදියේ පුරවැසිභාවය ලබා ගැනීමට හැකියාව සැලසී ඇති අතර ඉහළ දක්ෂතා ඇති වෘත්තිකයින්ට ආකර්ෂණීය පරිසරයක් සෞදි අරාබිය තුල නිර්මාණය කිරීමේ අරමුණු 2030 දැක්ම අනුව මෙම පියවර ගෙන තිබෙන බවයි සෞදි ප්‍රවෘත්ති ඒජන්සිය වැඩිදුරටත් වාර්තා කරන්නේ.