සංක්‍රමණික ගැටළු විසඳන නිර්දේශ පිළිගැන්වෙයි!

සංක්‍රමණික ගැටළු විසඳන නිර්දේශ පිළිගැන්වෙයි!

ජාත්‍යන්තර සංක්‍රමණිකයින්ගේ දිනය සංකේතවත් කරමින් ''සංක්‍රමණිකයින්ගේ ගැටළු විසඳීම වෙනුවෙන් නිර්දේශ ඇතුළත් සංදේශයක්'' රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්, හා බලධාරීන් වෙත ලබාදීම හා ප්‍රකාශයට පත්කිරීම  ඊයේ (17) කොළඹ,  ජායික් හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

 
විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන මාකේවල, විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(ජාත්‍යන්තර) මංගල රන්දෙණිය, ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ ශ්‍රි ලංකා නියෝජික නිශාන්ත වර්ණසූරිය, සංක්‍රමණික ප්‍රජාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් පවත්නා ජාතික කොමිසමේ උප සභාපති, ත්‍රීකුණාමලය රදගුරු පදවියේ රදගුරු අති උතුම් නොයෙල් එම්මෑනුවෙන් රදගුරුතුමන් ඇතුළු වෘත්තීය සමිති, සිවිල් සමාජ නියෝජිතයින්, සංක්‍රමණිකයින්ගේ ගැටළු පිළිබඳ බිම් මට්ටමින් ක්‍රියාත්මක වන ක්‍රියාකාරී සංවිධානවල නියෝජිතයින් බොහෝ පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.
 
කොවිඩ් වසංගතයෙන් පසු සංක්‍රමණිකයින් පිළිබඳ “ආරක්ෂිත විධිමත් සහ නිත්‍ය සංක්‍රමණය සඳහා වන ගෝලීය සම්මුතිය“ විසින් කරනු ලබන “සිවිල් සමාජයේ සහ වෘත්තීය සමිතිවල කාර්යභාරය“  පිළිබඳ  16 හා 17 දෙදින තුළ ජාතික සහ බිම් මට්ටමේ සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති, නීතිඥ වෘත්තිකයින් සහ විද්වතුන් එක්ව පැවැත්වූ දෙදින වැඩමුළුව අවසානයේ මෙම සංදේශය ඉදිරිපත් කිරීම සිදුවිය.
 
මෙම අවස්ථාවට එක්වූ විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළෙඳ විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දන මාකේවල මහතා කියා සිටියේ සංක්‍රමණිකයින්ගේ ගැටළු පිළිබඳ සිවිල් සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් එක්ව කරනු ලබන මෙම වැඩසටහන ඉතා අගය කරන බවයි.
 
එමෙන්ම අමාත්‍යංශ ලේකම්වරයා හරහා මෙම යෝජනා පිළිබඳ ගරු අමාත්‍යවරයාගේ අවධානයට ලක්කිරීමට කටයුතු කරන බවත්, එසේ වුවද මෙම බොහෝ නිර්දේශ අතුරින් වඩාත් වැදගත් හා අත්‍යවශ්‍ය නිර්දේශය හෝ යෝජනාව වෙන්ව විධිමත් ලෙස සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ අත්සන් සහිතව තමන් වෙත ලබාදීම වඩාත් ඵලදායි වනු ඇති බවද ඔහු සඳහන් කළේය.
 
ඒ් අනුව සංක්‍රමණිකයින්ගේ ගැටළු වෙනුවෙන් ප්‍රාදේශීය මට්ටමින් මැදිහත් වන සියලුම සංවිධාන හා ක්‍රියාකාරීන් ඉල්ලා සිටි පරිදි එම සංවිධාන ලියාපදිංචි කිරීම සඳහා වූ ඉල්ලීම ප්‍රමුඛ කොට ඔවුන් මුහුණදෙන ගැටළු, ලියාපදිංචි කිරීමේ අත්‍යවශ්‍යතාව, අවධාරණය කරමින් වෙන්ව යෝජනාවක් යළි සකස් කොට අතිරේක ලේකම්වරයා හරහා අමාත්‍යංශ ලේකම් මගින් අමාත්‍යවරයා වෙත යොමු කිරීමට යෝජනා කෙරිණි.
 
විදේශ රැකියා නියුක්ති කාර්යාංශය හා ඒ්කාබද්ධව මෙම ගැටළු පියවරෙන් පියවර නිරාකරණය කිරීමට තමන් මැදිහත් වන බවත්, ඒ් අනුව ඉදිරියේදීත් සංක්‍රමණිකයින්ගේ මෙම ගැටළු පිළිබඳ ක්‍රියාකරන සංවිධාන සමග සමීප සබඳතා ‌පවත්වමින් කටයුතු කරන බවත් අමාත්‍යංශ අතිරේක ලේකම්වරයා අවධාරණය කළේය.
 
මෙම අවස්ථාවට එක්වූ විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍යාධිකාරී(ජාත්‍යන්තර) මංගල රන්දෙණිය මහතා කියා සිටියේ යම් යම් චෝදනා එල්ල වුවද, සංක්‍රමණිකයින්ගේ ගැටළු විසඳීම සඳහා තම කාර්යාංශය ඇතුළු රජය මේවන විට පියවර රැසක් ගෙන ඇති බවයි.
 
එසේ වුවද සංක්‍රමණිකයින් මුහුණදෙන මෙම ගැටළු පළමුන අභිමුඛ  වන්නේ මෙම සංක්‍රමණික අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන නියෝජිතයින්ට බවත්, එම පණිවිඩ සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග රැසක් මේවන විටත් ගෙන ඇති බවත් ඔහු පෙන්වාදුන්නේය.
 
මෙම ගැටළු විසඳාලීම වෙනුවෙන් පිහිටවනු ලැබූ සංක්‍රමණිකයින් වෙනුවෙන් වූ ජාතික මෙහෙයුම් කමිටුව මේවන විට අක්‍රීයව ඇති හෙයින් එය නැවත සවිබල ගන්වා සිවිල් සමාජ ක්‍රියාකාරින්ගේ නියෝජනයක්ද සහිතව ක්‍රියාත්මක කරන බවත්, එමෙන්ම ගැටළු විසඳීම සඳහා තෙවසරක වැඩපිළිවෙළක් දැනටමත් සකස් කර ඇති බවත් රන්දෙණිය මහතා සඳහන් කළේය.
 
අමාත්‍යංශ අතිරේක ලේකම් මාකේවල හා අතිරේක සාමාන්‍යාධිකාරී රන්දෙණිය යන මහත්වරුන් එක්වූ සාකච්ඡාවේදී දැනට මෙම සිවිල් ක්‍රියාකාරීන් ට ප්‍රාදේශීය ලේකම්කාර්යාල වල මෙම ගැටළු වෙනුවෙන් මැදිහත් වන රාජ්‍ය නිලධාරීන් ගෙන් සිදුවන නොසළකා හැරීම් සිදුනොවන්නට ඔවුන්ගේ කටයුතු වෙනුවෙන් සහය දක්වන ලෙස අමාත්‍යංශ මට්ටමින් දැනුම්දීමක් කිරීමටද, එකඟ විය.
 
DSCF5101
 
DSCF5119
 
DSCF5127
 
DSCF5184 
DSCF5207
 
 DSCF5197