විදෙස්ගතව පැමිණෙන ලාංකිකයින්ට අද සිට කටුනායකදී ලැබෙන දේ

විදෙස්ගතව පැමිණෙන ලාංකිකයින්ට අද සිට කටුනායකදී ලැබෙන දේ
විදෙස්ගතව සිට දිවයිනට පැමිණෙන ලාංකික ශ්‍රමිකයින් සඳහා ෆයිසර් කොරෝනා එන්නත් ලබා දීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කටුනායක ගුවන් තොටුපළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් අද (07) දින ස්ථාපිත කරනු ලැබුවා.
 
මෙලෙස ආරම්භ කෙරුණු එන්නත්කරණ මධ්‍යස්ථානය පැය 24 පුරා සතියේ දින හත තුළම ක්‍රියාත්මක වන අතර එහිදී විදේශයන්හි සිට පැමිණෙන ලාංකිකයින්ට ඔවුන්ගේ එන්නත්කරණ තත්ත්වය අනුව අදාළ කොරෝනා එන්නත් ලබා දීම සිදුකරනු ඇති.
 

එන්නත්කරණ නොකළ අයට පළමු මාත්‍රාව,පළමු මාත්‍රාව ලබාගත් අයට දෙවන මාත්‍රාව සහ මාත්‍රා දෙකම ලබාගත් අයට බූස්ටර් එන්නත් මාත්‍රාවද මෙහිදී ලබා දීමට නියමිතයි.