ඔබ සිටින්නේ ඊශ්‍රායලයේ නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශම් වෙන්න!

ඔබ සිටින්නේ ඊශ්‍රායලයේ නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශම් වෙන්න!

ඊශ්‍රායල් රාජ්‍යයේ  නව කොරෝනා ආසාදිතයින් දෛනික වාර්තා වීමේ අගය ඉහළ ගොස් තිබෙන බව එරට පුවත්  වෙබ් අඩවි වාර්තා කරයි. ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ ආකාරයට ගතවු පැය 24ක කාලය ඇතුළත නව කෝවිඩ් ආසාදිතයින් 12,000 ක්  ඊශ්‍රායලයෙන් වාර්තා වූ බවත් වසර දෙකකට පසු එරටින් දෛනිකව වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් ගණන මෙය බවත් එරට  සෞඛ්‍ය අංශය  පෙන්වා දෙයි.

 අද වන විට ඊශ්‍රායල් රජය විසින් එරට වැසියන්ට  කොරෝනා  සිව්වැනි එන්නත් මාත්‍රාවක් ලබාදීම ආරම්භ කර ඇති අවස්ථාවක  මෙලෙස ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යාම ඉදිරි කාලය තවත් අවදානම් සහගත බවට ඉඟි සපයන බව  බොහෝ විචාරකයින්ගේ මතයයි.

මේ වන විට ඊශ්‍රායලයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1,448,455 වන අතර පූර්ණ සුවය ලැබූ පිරිස 1,361,936 කි.

ඊශ්‍රායලයෙන් වාර්තාවන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 8,259කි.

 ඊශ්‍රායල් සෞඛ්‍ය අංශය මෙ මොහොතේ  සිව්වන එන්නත නිර්දේශ කර තිබෙන අතර එහිදී අවුරුදු 60ට වැඩි සහ බෝනොවන රෝගාබාධ ඇති වැඩිහිටියන්ට සහ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය සේවා කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකයන්ට  ලබාදීමට කටයුතු කරමින් සිටී.

 විශේෂයෙන්  සිව්වැනි මාත්‍රාවක් ලෙස  තවත් ෆයිසර් එන්නතක් ලබාදීමට  කටයුතු කර ඇත්තේ  ලොව පුරා සීග්‍රයෙන් පැතිර යන  omicron  නව ප්‍රභේදය  සැලකිල්ලට ගනිමිනි. අද වන විට ඊශ්‍රායලයෙන් ද omicron ආසාදිතයින් වාර්තාවීමට පටන් ගෙන තිබෙන  බැවින්  ඔබ ඊශ්‍රායලයේ සේවය කරන ලාංකිකයෙකු නම් වඩාත් ප්‍රවේශමින්  සිටින්න. සෞඛ්‍ය  මාර්ගෝපදේශ පිළිපදින්න.