ජපන් රැකියාවලට කැමති අයට සුබ පණිවුඩයක්

ජපන් රැකියාවලට කැමති අයට සුබ පණිවුඩයක්

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ශක්තිමත් කරගනිමින් ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබාගැනීම  වෙනුවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතා සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි (Mizukoshi Hideaki) මහතා අතර  හමුවක් නාරාහේන්පිට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වුණා.


තවත් පුවත් පහතින් කියවන්න...

මෙරට පුහුණු ශ්‍රමිකයන්ට ලිබියාවේ රැකියා අවස්ථා

 

ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවෙන් ඉහළ රැකියා අවස්ථා

 

මේ වසරේ ලාංකික ශ්‍රමිකයින් ලක්ෂ 03කට විදේශ රැකියා වරම්

 

රට යන්න බලන් ඉන්න අයට සුභ ආරංචියක්

 

ලාංකිකයෝ 120,000 විදේශ රැකියාවලට

 


ජපානය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කරන ලද ගිවිසුම් ප්‍රකාරව විශේෂිත නිපුණතා සහිත රැකියා වැඩසටහන සහ තාක්ෂණික සේවාස්ථ පුහුණු වැඩසටහන යටතේ ශ්‍රී ලාංකිකයන්ට ජපානයේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාගැනීමට පිළිබඳ මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

එමෙන්ම ශ්‍රී ලංකාවට හෙද සාත්තු සේවා සඳහා වැඩි වශයෙන් පවතින ඉල්ලුමට ප්‍රමාණවත් සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමික පිරිසක් මෙම වසර තුළ සූදානම් කරගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරුණා.