ලාංකිකයෝ 120,000 විදේශ රැකියාවලට

ලාංකිකයෝ 120,000 විදේශ රැකියාවලට

පසුගිය වසරේ (2021) ශ්‍රී ලාංකිකයන් 120,000 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා විදේශගත ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යංශය පවසයි.

‘කොවිඩ්’ වසංගත තත්වය හමුවේ වුවද මැද පෙරදිග කලාපයේ කටාර් රාජ්‍යයට 30,000 ක්, සෞදි අරාබියට 27,000 ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයට 20,000 ක් පමණ ද, දකුණු කොරියාවට 1400 ක්, සිංගප්පූරුවට 1100 ක්, සයිප්‍රසයට 1600 ක් සහ ජපානයට 800 ක් පමණ ද, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී මෙම වසරේ රැකියා සඳහා විදේශගතව ඇතැයි විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය කියයි.