ඔමික්‍රෝන් ඕස්ට්‍රේලියාව කළඹයි

ඔමික්‍රෝන් ඕස්ට්‍රේලියාව කළඹයි

ඔස්ට්‍රෙිලියාවේ කෙරෝනා වසංගතය ආරම්භයේ සිට මේ දක්වා එක් දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ(30) දිනයේ වාර්තා වී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

එලෙස වාර්තා වූ ආසාදිතයින් ගණන 21,254 ක් ලෙසයි සඳහන් වෙන්නේ.

ඊයේ දිනයේදී මරණ 15ක් වාර්තා වී තිබෙන අතර අදවනවිට එරටින් වාර්තාවෙන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,241කි.

ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙන්, එරට දෛනික කෙරෝනා ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට ඉහළ යමින්  පවතින අතර අදවනවිට එරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 395,570කි. ඒ අය අතුරින් 250,027ක් පූර්ණ සුවය ලබා තිබෙන බවත් සඳහන්.

ඕස්ට්‍රේලියාවේ සේවය සඳහා විදෙස්ගතවූ මෙන්ම ශිෂ්‍ය වීසා හරහා අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගතවූ හා එරට පදිංචිවී සිටින ලාංකිකයින් විශාල ප්‍රමාණයක් සිටී.ඔබ ඕස්ට්‍රේලියාවේ සිටින අයෙක් නම් ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානමක් මතුව ඇති බැවින් හැකි සෑම විටම සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන්න.