ඔමික්‍රෝන් නිසා ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

ඔමික්‍රෝන් නිසා ගෝලීය කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළට

මේ වන විට ගෝලීය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 31 කෝටි 71 ලක්ෂ 86,000 ඉක්මවා ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, ඩෙල්ටා ප්‍රභේදය තවමත් සමාජය තුළ පැතිරෙමින් පවතින මොහොතක ඔමික්‍රෝන් ප්‍රභේදයත් වේගයෙන් පැතිර යාම ආසාදිතයන් ඉහළ යාමට ප්‍රධාන හේතුව බවයි.

යුරෝපය තුල ශීඝ්‍රයෙන් ආසාදිතයන් ඉහළ යාමටද මෙය හේතුව වී තිබේ. අමෙරිකාව හා ඉන්දියාව යන රටවලින්ද යළි දෙලක්ෂය ඉක්මවූ දෛනික ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ නව ප්‍රභේද සඳහා පවතින එන්නත් මගින් වඩා එලදායී ප්‍රතිඵල ලබාගත නොහැකි වුවත් යම් ආකාරයක මරණ සංඛ්‍යාව අමන කර ගැනීම සඳහා සියලු දෙනා එන්නත් සඳහා යොමු විය යුතු බවයි.

ගෝලීය දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව 8000කට ආසන්න බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තා පෙන්වා දෙන්නේ.

මේ වන විට ගෝලීය වශයෙන් පුද්ගලයන් 30 ලක්ෂ 48,000කට වැඩි පිරිසක් කොරෝනා වෛරසය හේතුවෙන් මියගොස් තිබේ. වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ අමෙරිකාවෙන්. එය 8 ලක්ෂ 66,000 ඉක්මවයි.