රටවල් කිහිපයකට සුනාමි අවදානමක් -ඔබ මේ රටවල ඉන්නවා නම් ප්‍රවේශමෙන්!

රටවල් කිහිපයකට සුනාමි අවදානමක් -ඔබ මේ රටවල ඉන්නවා නම් ප්‍රවේශමෙන්!

මුහුදු පත්ලේ පිහිටි ගිනි කන්දක් සක්‍රිය වීමත් සමඟ අමෙරිකාව,ටොංගා, ෆීජි රාජ්‍ය සහ නවසීලන්තය ඇතුළු පැසිෆික් කලාපයේ රටවල් කිහිපයකට සුනාමි අවදානම් තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍යය වාර්තා කළේ, ටොංගා රාජ්‍යයේ ප්‍රදේශයකට මුහුදු රළ ගලා යන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බවයි. ගිනි කන්දේ පිපිරීම එහි සිට කිලෝමිටර් 800ක් දුරින් පිහිටි ෆීජි රාජ්‍යයට ද ඇසුණු බව වාර්තා වනවා. ගිනි කන්ද සක්‍රීය වූ ස්ථානයේ සිට ටොන්ගා අගනුවරට ඇත්තේ, කිලෝ මීටර් 25ක පමණ දුරක්. එම නගරයේ පදිංචිකරුවෙකු ප්‍රකාශ කර ඇත්තේ, ගිනි කන්ද සක්‍රීය වන විට තමන් රාත්‍රී ආහාරය සඳහා සූදානම් වෙමින් සිටි බව යි.

එම ශබ්දය බෝම්බයක් පුපුරා යන ශබ්දයක් වන්නට ඇතැ යි තමන්ට සිතුන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ටොන්ගා නුවර භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ, ගිනි කන්දෙන් නිකුත් වෙන දුම හා අළු කිලෝමීටර් 20ක් පමණ ඉහළ ගමන් කරමින් පවතින බව යි. ගිනි කන්ද සක්‍රීය වූ ස්ථානයේ සිට කිලෝ මීටර් 800ක පමණ දුරකින් පිහිටි ෆීජි දූපත්වලට ද මෙහි කම්පනය දැනී තිබෙනවා. එරට බලධාරින්, වෙරළාසන්න ජනතාවට උපදෙස් ලබා දී ඇත්තේ, පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙසට යි. ඔවුන් වෙනුවෙන් ආපදා සහන මධ්‍යස්ථාන ද ස්ථාපිත ද මේ වනවිට ස්ථාපිත කර තිබෙනවා.