වෙඩි පහරකට ලක්ව කටාරයේ සේවයකළ ලක් තරුණයෙක් මිය යයි

වෙඩි පහරකට ලක්ව කටාරයේ සේවයකළ ලක් තරුණයෙක් මිය යයි
දෝහා කටාර් හි අල් -වාබ් ප්‍රදේශයේ නිවහන් සංකීර්ණයක් වෙත අනවසරයෙන් ඇතුළු වීමට උත්සාහ කළ යොවුන් යුවළක් වැළැක්වූ ශ්‍රී ලාංකික ආරක්ෂක නිලධාරියෙකු වෙඩ් ප්‍රහාරයකට ලක්ව මරණයට පත්ව තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
පසුගිය බදාදා දින තරුණියක් සමඟ වාහනයකින් පැමිණි කටාර් තරුණයෙකු මෙම නිවාස සංකීර්ණයට අනවසරයෙන් ඇතුළ් වීමට උත්සාහ කර තිබෙන අතර එහිදී ආරක්ෂක නිලධාරියා විසින් නිසි හැඳුනුම්පතක් ඉදිරිපත් නොකිරීම නිසා එය වළක්වා තිබේ.
 
එම අවස්ථාවේ තරුණයා විසින් ආරක්ෂක නිලධාරියාට වෙඩි තබා පලා ගොස් තිබෙන අතර වෙඩ් වැදුණු ලාංකික ආරක්ෂක නිලධාරියා එම අවස්ථාවේදීම ජීවිතක්ෂයට පත්ව ඇත. තවත් ආරක්ෂක නිලධාරියෙක් තුවාල ලබා රෝහල්ගත කර ඇත.
 
පසුව සිදුකළ විමර්ෂණයේදී අදාළ සැකකාර කටාර් තරුණයා අත් අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.