රුමේනියා, ඊශ්‍රායල්,කොරියා සහ ජපන් රැකියා සම්බන්ධයෙන් අලුත් ආරංචියක්!

රුමේනියා, ඊශ්‍රායල්,කොරියා සහ ජපන් රැකියා සම්බන්ධයෙන් අලුත් ආරංචියක්!
විදේශ රැකියා සඳහා අයදුම් කිරිම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් පසුගිය දින විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්ය අමාත්යාංශයේ දී පැවැත්විය.
 
මෙහිදි රුමේනියා, ඊශ්රායල්,කොරියා සහ ජපන් රැකියා අවස්ථා අයදුම්කරන ක්රමවේදයත් එම රැකියා සඳහා තිබිය යුතු සුදුසුකම්, පාඨමාලා ගාස්තුව, පාඨමාලා කාලය පවත්නා ස්ථාන සම්බන්ධයෙන්ද සාකච්ඡා විය.
 

මේ අවස්ථාවට මහජන ආරක්ෂක අමාත්ය ගරු රියර් අද්මිරාල් අචාර්ය සරත් විරසේකර මැතිතුමා, විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්ය අමාත්ය ගරු ප්රියංකර ජයරත්න මැතිතුමා, විදේශ රැකියා ප්රවර්ධන හා වෙළඳපළ විවිධාංගිකරණ රාජ්ය අමාත්යංශ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා, අතිරේක ලේකම් ප්රදිප් සපුතන්ත්රි මහතා, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා, අතිරේක සාමාන්යාධිකාරී (ජාත්යාන්තර කටයුතු) මංගල රන්දෙනිය මහතා, අතිරේක සාමාන්යාධීකාරී (ආයතනික කටයුතු) මාධව දේශප්රිය මහතා, නියෝ්ජ්ය සාමාන්යාධීකාරී (ව්යාපාර ප්රවර්ධන) එම්.ආර්.සී.බී. ඒකනායක මහතා ඇතුළු නිළධාරී මහත්ම මහත්මීන් පිරිසක් එක්ව සිටිහ.

274485389 264021682576401 6696960500239208440 n

274475544 264021629243073 51416627989564900 n

274321013 264021702576399 4590927488601383273 n