ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට

ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළට
පවතින දැඩි ආර්ථික අර්බුදය මධ්‍යයේ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තාවේ.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් තාක්ෂණ අමාත්‍යංශය සඳහන් කළේ ජාත්‍යන්තර දුරකථන ඇමතුම් ගාස්තු ඉහළ නැංවීම පිළිබදව දුරකථන සමාගම් ඒ පිළිබඳව අමාත්‍යංශය දැනුවත් කළ බවයි.
 
ඒ අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 30 කින් පමණ අවප්‍රමාණය වීමත් සමඟ එලෙස ජාත්‍යන්තර ඇමතුම් ගාස්තු ඉහළ දැමීමට මෙලෙස තීරණය කර ඇත.
 
කෙසේ නමුත් දේශීය ඇමතුම් ගාස්තු හෝ අන්තර්ජාල ගාස්තු ඉහළ දැමීමට මෙතෙක් අවසර දී නැතැයි තාක්ෂණ අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.