මහජන අරගලයට සහය දක්වා ප්‍රංශයේ වෙසෙන ලාංකිකයින් විරෝධතාවයට සූදානම්
අපේ මාතෘ භූමිය වෙනුවෙන් පෙරට එන්න යන ප්‍රධාන තේමාව ඔස්සේ මේවනවිට ශ්‍රී ලංකාවේ මහජන අයිතීන් වෙනුවෙන් දිවා රෑ නොතකා අරගලයේ සිටින සහෝදර ජනතාවට සහයෝගය හා ධෛර්යය ලබා දීමත් මූලික කොටගෙන අද (21) දිනයේ දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට පැරිසියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් සූදානම් වෙයි.
ඒ අනුව අද සවස 04ට පැරිස් අගනුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය සූදානම් කර තිබෙන ආතර ඒ සඳහා පක්ෂ ,ආගම්,ජාති භේද නොතකා එක්වෙන ලෙස පැරිසියේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයින්ට විවෘත ආරාධනාවක්ද කර තිබේ.
