ජපානයේ ලාංකිකයින් වෙසක් උත්කර්ෂවත් ලෙස සමරයි

ජපානයේ ලාංකිකයින් වෙසක් උත්කර්ෂවත් ලෙස සමරයි

ජපානයේ ගුම්මා ප්‍රාන්තයේ ශ්‍රී බුද්ධ ශාන්ති ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේදී වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් ශීලසමාදාන වැඩසටහනක් ඇතුළු පිංකම් මාලාවක් සංවිධානය කර ඇත.

පිළියන්දල ශ්‍රී විද්‍යා ශාන්ති පිරිවෙන් මහා විහාරය හා ජපානයේ ශ්‍රී බුද්ධ ශාන්ති භාවනා මධ්‍යස්ථාන විහාරයන්හි උභය විහාරාධිපති පූජ්‍ය වැල්ලවත්තේ පඥඥාසිරි නාහිමියන්ගේ අනුශාසනා පරිදි විහාධිකාරී මාවතුරේ චන්දිම හිමියන් හා ජපානයේ රැකියාවල නියුතු තරුණ පිරිසක් එක්ව සංවිධානය කළ බව ජපන් ලංකා නුවන් ට්‍රේඩින් සමාගමේ හිමිකරු ව්‍යාපාරික නුවන් ගමගේ මහතා ප්‍රකාශ කළේය.

වෙසක් ශීල සමාදානයට සමගාමීව වෙසක් කූඩු ප්‍රදර්ශනය, මහා බත් දන්සැල, සල් උයන, පහන් අලෝක පූජාව, බෝධි පූජාව ආදී පිංකම් මාලාවක් ද සංවිධානය කර ඇත.

ශීලසමාදානයට ජපන් ජාතික බෞද්ධ උපාසක උපාසිකාවන් සමග ජපානයේ පදිංචි ශ්‍රී ලාංකික පිරිසක් එකව සිටීම විශේෂත්වයක් බවත් ථේරවාදී බෞද්ධ සම්ප්‍රදායන් දැක බලා සිත් පහදවා ගන්නටත් දන්සැල් වැදපුදාගන්නටත් ජපන් ජාතිකයෝ විශාල පිරිසක් එක් වී සිටි බව විහාරාධිපතිහිමියෝ පැවැසූහ.