වැලි කුණාටු නිසා කුවේටයේ ජන ජීවිතයට බාධා

වැලි කුණාටු නිසා කුවේටයේ ජන ජීවිතයට බාධා
කුවේටයේ වැලි කුණාටුවක් හේතුවෙන් දෛනික වැඩ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 

මෙම කුණාටු තත්ත්වය නිසා ගුවන් ගමන් වාරද තාවකාලිකව අත් හිරුවේඉමට සිදුව තිබෙන අතර ගුවන් ගමන්ද ප්‍රමාද විය හැකි බවත් කුවේට් රජය නිවේදනය කර තිබේ.

එමෙන්ම ගමනාගමනයටද බාධා මතුව ඇති බැවින් සියලුම පාසල් වසා දැමීමට එරට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන අතර ගමනා ගමනයේදී හා මාර්ග ධාවනයේදීද ප්‍රවේශම් විය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුවේටයේ සියලුම දෙනාට සිහිපත් කර දී තිබේ.

මෙම වැලි කුඛාටු පැයට කිලෝ මීටර් 50කට වසා වේගයෙන් තද සුළඟ සමඟ දූවිලි අංශු ලෙස හමා යන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ඔබත් කුවේටයේ ජීවත්වෙන අයෙක් නම් මාර්ගවල ගමනා ගමනයේදී,පොදු ස්ථානවල ගැවසීමේදී හා වාහන ධාවනයේදීත් වඩාත් ප්‍රවේශම් වෙන්න.