මගී ආරක්ෂාව වෙනුවෙන් හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොට නව ක්‍රියාමාර්ග ගනී

මගී ආරක්ෂාව වෙනුවෙන් හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොට නව ක්‍රියාමාර්ග ගනී

මගී ආරක්ෂාව වෙනුවෙන් කටාරයේ හමාඩ් ජාත්‍යන්තර ගුවන්තොට නව ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (HIA) විසින් මගීන්ට සහ ගනුදෙනුකරුවන්ට නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මගින් සඳහා පිටවීමේ සහ පැමිණීමේ අවස්ථා වල අවසරලත් වාහන සඳහා පමණක් වාහන නැවැත්වීමේ පහසුකම් භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බවයි.

දැනට මෙය පරීක්ෂණ මට්ටමේ පවතින අතර පරීක්ෂණ කාලසීමාව තුළ හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විසින් කෙටි කාලීන රථගාල තුළ මගීන් බෑම සහ රැගෙන යාම පහසු කිරීම සඳහා ගාස්තුවකින් තොරව මිනිත්තු විස්සක වාහන නැවැත්වීමේ සහන කාලයක් ලබා දෙනු ඇත.මගී ආරක්ෂාව වෙනුවෙන් මෙය සිදු කරන බව හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ පවසයි.