කටාරයේ පොදු ස්ථානවලට අදාළව නීති සංශෝධනයක්

කටාරයේ පොදු ස්ථානවලට අදාළව නීති සංශෝධනයක්

මහ නගර අමාත්‍යාංශය විසින් දැන්වීම් මාර්ගෝපදේශයේ 2 වන සංස්කරණය එලි දක්වා ඇත.මේ මගින් ඇතැම් ස්ථානවල දැන්වීම් තහනම් කිරීම සහ වෙළඳ දැන්වීම් සඳහා නීති රීති සංශෝධනය කිරීම සිදුකර ඇත.

නව නීතිවලට අනුව ඒ සඳහා අදාළ නගර සභාවෙන් බලපත්‍රයක් ලබාගෙන ගාස්තු සහ ඇප මුදල් නොගෙවා දැන්වීමක් පළ කිරීම තහනම් වේ.

මේ මගින් පූජනීය ස්ථාන, පුරාවිද්‍යාත්මක හෝ ඓතිහාසික ස්වභාවයක් ඇති ආයතන සහ ගොඩනැගිලිවල සහ ඒ අවට බිත්ති, ගස්, පැල බහාලුම්, රථවාහන සංඥා පුවරු සහ සංඥා ඇතුළු ඕනෑම ආකාරයක වෙළඳ දැන්වීම් තැබීම, ඇලවීම, එල්ලීම හෝ ඉදිකිරීම් මාර්ගෝපදේශය විසින් තහනම් කර ඇත.