ඕස්ට්‍රේලියාවේ සිට මුදල් එවීමේදී රටට විශේෂ සහනයක්

ඕස්ට්‍රේලියාවේ සිට මුදල් එවීමේදී රටට විශේෂ සහනයක්
මෙරට මතුව ඇති ආර්ථික අර්බුදකාරී තත්ත්වය තුළ ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ඔස්ට්‍රෙලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව විශේෂ ක්‍රියාමාර්ගක් ගෙන තිබේ.
 
 2022 සැප්තැම්බර් මස 11 වැනි දින දක්වා ශ්‍රී ලංකාවේ සිටින මිතුරන්ට සහ පවුලේ සාමාජිකයින්ට ඔස්ට්‍රෙලියාවේ සිට එවනු ලබන මුදල් සඳහා අයකරන ඩොලර් 6 ක සේවා ගාස්තුව ඉවත් කරමින් මෙසේ සහය පළ කර ඇත.
 
පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුව විසින් මෙම ක්‍රියා ක්‍රියා මාර්ගය ගෙන ඇත්තේ ශ්‍රී ලංකාවට ඔස්ට්‍රෙලියාවේ සිට වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලබා ගැනීමට උපකාර කිරීම අරමුණු කර ගෙනය.
 
ඒ අනුව ඔස්ට්‍රෙලියානු පොදුරාජ්‍ය මණ්ඩලීය බැංකුවේ NetBank හෝ CommBank යෙදුම තුළ ඔස්ට්‍රේලියානු ඩොලර් ගිණුමකින් ශ්‍රී ලංකාවට මුදල් එවීමේ දී, "SUPPORTSL" ප්‍රවර්ධන කේතය ඇතුළත් කිරීමෙන් අදාළ පහසුකම ලබාගත හැකි බව එකී බැංකුව විසින් නිවේදනය කර තිබේ.