කොරියාවට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

කොරියාවට යන්න ඉන්න අයට සුභ ආරංචියක්

කොරියානු මානව සම්පත් සංවර්ධන ආයතනයේ ශ්‍රී ලංකාවේ නේවාසික අධ්‍යක්ෂ ලී සහ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර අතර විශේෂ හමුවක් පසුගිය 27 වෙනි දින නාරාහේන්පිට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශයේ දී පැවැත්වුණි.

මෙහිදී සාකච්ඡා වී ඇත්තේ මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත් වී කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රමිකයන් කඩිනමින් කොරියාවට යැවීමේ වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව යි.

ඒ අනුව අධ්‍යක්ෂ ලී විසින් ලබන සතියේ සිට සතියකට 250 බැගින් පිරිසක් කොරියාවට යැවීමට කටයුතු සලසන බව අමාත්‍යවරයාට සහතික වී ඇති අතර වැඩි පිරිසක් ධීවර අංශයේ රැකියා සඳහා යොමු කිරීමට නියමිතයි.

අධ්‍යක්ෂ ලී වැඩිදුරටත් ප්‍රකාශ කරඇත්තේ මේ වන විට කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සමත්වී තොරතුරු ලේඛණයේ සිටින සියලු දෙනා සඳහා තොරතුරු ලේඛණයේ වලංගු කාලසීමාව දීර්ඝ කරන ලෙසට මනුෂ නානායක්කාර ඇමැතිවරයා කරන ලද ඉල්ලීම අනුව එම දීර්ඝ කිරීම සලකා බලා ඉදිරි සතියේ දී දැනුම් දෙන බවයි.

එසේම ඉදිරි වසර 10ක කාලය තුල කොරියාවේ රැකියා අවස්ථා ලබාදීමෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් බිලියන 5ක ආදායමක් ලබා ගැනීමට හැකිවන පරිදි රැකියා උත්පාදනය කරමින් සහය දක්වන බවද ඔහු අමාත්‍යවරයාට පවසා ඇත.

කොරියාවේ සේවයේ නිරතව සිට ආපසු පැමිණ යලි කොරියාවේ රැකියා බලාපොරොත්තුවෙන් සිටිය පුද්ගලයින් සඳහා විශේෂ කොරියානු භාෂා විභාගය කඩිනමින් පැවැත්වීම ගැන ඇමැතිවරයා මෙහි දී අවධානය යොමු කළ අතර කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවේ මෙරට නේවාසික ප්‍රධානියාගෙන් ඒ සදහා සුබවාදී ප්‍රතිචාරයක් ද හිමිවී තිබේ.