ජපානය උණුසුම් වෙයි -හැකි සෑම විටම නිවසේ සිටින ලෙස නිවේදනයක්!

ජපානය උණුසුම් වෙයි -හැකි සෑම විටම නිවසේ සිටින ලෙස නිවේදනයක්!

මේදිනවල නැගෙනහිර ජපානයේ උෂ්ණත්වය ඉහළ යමින් පවතින අතර කාලගුණ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ආකාරයට ජපානයේ උෂ්ණත්වය මෙසේ ඉහළ ගියේ වසර 147 කට පසුව වන බවයි.

ටෝකියෝ අගනුවර සහ ඒ අවට ප්‍රදේශවල උෂ්ණත්වය සතියක් පුරා සෙල්සියස් අංශක 35 ඉක්මවා පවතින බවත්, නගෝයා නගරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 ක්  බවත් කාලගුණ විද්‍යාඥයෝ පෙන්වා දෙයි.

එමෙන්ම හැකි සෑම අවස්ථාවකම ආරක්ෂාකාරීව නිවෙස්වල රැඳී සිටින ලෙස ජපන් රාජ්‍ය බලධාරීන් එරට වෙසෙන සියලුම ජනතාවට සිහිපත්කර දෙන අතර නිවෙස්වලින් පිටතට යනවා නම් ආරක්ෂාව ගැන සැලකිලිමත්වෙන ලෙසත් සිහිපත්කර දී තිබේ.

ඔබත් ජපානයේ සිටින ලාංකිකයෙකු නම් ප්‍රවේශමෙන් සිටින්න.