හමාඩ් ගුවන්තොටින් යන එනවා නම් මේ නව උපදෙස් පිළිපඳින්න

හමාඩ් ගුවන්තොටින් යන එනවා නම් මේ නව උපදෙස් පිළිපඳින්න

හමාඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළ (HIA) එළඹෙන ඊද් අල්-අදා නිවාඩු කාලය වෙනුවෙන් නව මඟී උපදේශනයක් නිකුත්කර තිබෙන අතර ඒ අනුව ජූනි මාසයේ 30 වෙනි දින සිට ජූලි මස 15 වෙනි දින දක්වා ගුවන් තොටුපළ හරහා ගමන් කරන මඟීන් සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග අනුගමනය කල යුතු බව සිහිපත්කර දී තිබේ.

එහිදී ගුවන් තොටුපළවෙත ප්‍රවේශ වීමේදී සහ රථවාහන ගාල් කිරීමේදී මගීන්ට කර්බ්සයිඩ් වෙනුවට කෙටි කාලීන රථගාලේදී රැගෙන යාම සහ බැස යාම සිදු කරන ලෙස උපදෙස් ලබා දී තිබේ.


පහත කාලසටහනට අනුව කෙටි කාලීන රථගාලේදී අමතර රථ ගාල් සේවා සපයනු ලැබේ.

  • 2022 ජූනි 30 00:00 සිට 2022 ජූලි 01 දක්වා පැය 23:59- පළමු පැය 01 නොමිලේ
  • 2022 ජූලි 07 00:00 සිට 2022 ජූලි 08 දක්වා පැය 23:59- පළමු පැය 01 නොමිලේ
  • 2022 ජූලි 15 සිට 2022 ජූලි 18 දක්වා (දින 04) පැය 23:00 සිට පැය 03:00 දක්වා (පැය 04)
  • 2022 ජූලි 22 සිට 2022 ජූලි 23 දක්වා (දින 02) පැය 23:00 සිට පැය 03:00 දක්වා (පැය 04)


එමෙන්ම පැමිණීමේ සහ පිටවීමේ පර්යන්ත ගොඩනැගිල්ලට ප්‍රවේශ වීමට අවස්ථාව හිමිවෙන්නේ ගමන් කරන මඟීන්ට පමණක් බවත් නිවේදනය කොට ඇත.