විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අලුත් විදිහ ගැන නිවේදනයක්!

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන අලුත් විදිහ ගැන නිවේදනයක්!

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එක්දින සහ නිත්‍ය සේවා යටතේ ජූලි 11 වන සඳුදා සිට කල්තියා දිනයක් වෙන් කර ගත් අයදුම්කරුවන්ට පමණක් බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

දිනයන් සහ වේලාවන් වෙන්කරවා ගත හැකි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව වැඩි කර ඇති අතර, දිනයක් වෙන්කරවා ගැනීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන මෙන් දෙපාර්තමේන්තුවේ ඉල්ලා සිටිනවා.