ගුවන් ටිකට්පත් ගාස්තු ඉහළ යන ලකුණු

ගුවන් ටිකට්පත් ගාස්තු ඉහළ යන ලකුණු

ගෝලීය ඉන්ධන මිල ඉහළයාමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය අනතුරු අගවා තිබේ.

විශේෂයෙන් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් විලී වොල්ෂ් මහතා ප්‍රකාශ කරන්නේ ගුවන් ටිකට්පත් ගාස්තු සැළකිය යුතු අගයකින් ඉහළයාමට යුක්රේන – රුසියා අර්බුදය අවසන් නොවීමද තවත් එක් ප්‍රධාන හේතුවක් වන බවයි.

තවත් මාස කිහිපයකින් උතුරු අර්ධ ගෝලයට ශීත සෘතුව එළැඹීමත් සමග ගුවන් ටිකට්පත් ගාස්තු කැපී පෙනෙන ලෙස වැඩිවනු ඇති බව ඔහු සඳහන් කරයි.

මේ අතර ලොව පුරා රටවල් ගණනාවක ගුවන් තොටුපළවල සිදු කෙරෙන ගුවන් ගමන් අවලංගු කිරීම් ඉහළ යනු ඇති බවද විලී වොල්ෂ් අනාවැකි පළකරයි.

ප්‍රමාණවත් පරිදි ඉන්ධන සපයා ගැනීමට නොහැකිවීම ඊට හේතුව ලෙසයි ඔහු පෙන්වා දෙයි.