වාහනයක් ලංකාවට ගේන්න ඉක්මනින් අයඳුම් කරන්න

වාහනයක් ලංකාවට ගේන්න ඉක්මනින් අයඳුම් කරන්න

විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී විද්‍යුත් වාහනයක් ආනයනයනය කිරීමට බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්පත්‍රය ප්‍රසිද්ධියට පත් කර ඇත .

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/wp-content/uploads/2022/08/02.2022-Application-Sinhala.pdf යන වෙබ් ලිපිනය ඔස්සේ අදාල අයදුම්පත්‍රය භාගත කිරීමට හැකියි.

නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මුදල් එවන විදේශගත ශ්‍රමිකයින් සදහා සහන රැසක් ලබාදීමට කටයුතු කර ඇති අතර, විදේශ ගත ශ්‍රමිකයින්ට විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත .ඒ අනුව විද්‍යුත් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය නිකුත් කර ඇත .

මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු ඩොලර් 3000 කට වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් 50% ක වටිනාකමින්  යුත් විද්‍යුත් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර හිමිවේ.

මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමරිකානු ඩොලර් 20,000 මුදලක් එවා ඇති ශ්‍රමිකයින් සදහා විද්‍යුත් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බව වැඩිදුරටත් සදහන්වේ.