විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගන්න අනිවාර්ය කොන්දේසියක්

විදෙස්ගත ශ්‍රමිකයින්ට හිමි විශ්‍රාම වැටුප ලබා ගන්න අනිවාර්ය කොන්දේසියක්

විදේශ රැකියාවල නිරතව සිටින ශ්‍රමිකයන් වෙනුවෙන් නව විශ්‍රාම වැටපු ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසයි.

වයස අවුරුදු 18 සිට 59 දක්වා වයස් කණ්ඩවලට අයත් විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් ‘මනුසවි‘‘ නමින් එම විශ්‍රාම වැටුප් සැලසුම හඳුන්වා දෙන බව ඔහු සඳහන් කරයි.

මනුසවි විශ්‍රාම වැටුප් සැලසුමට ඇතුළත්වීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිය ලබගෙන විදේශ රැකියාවක නිරතවිම අනිවාර්ය බව ද අමාත්‍යවරයා පැවසීය.