කටාරයේ ඔබ යන එන ස්ථානයක් තාවකාලිකව වැසෙයි -මේ ගැන ඔබ දැනුවත්ද?

කටාරයේ  ඔබ යන එන ස්ථානයක් තාවකාලිකව වැසෙයි -මේ ගැන ඔබ දැනුවත්ද?

කටාරයේ බෙදා හැරීම සහ උරුමය සඳහා වූ උත්තරීතර කමිටුව විසින් පසුගිය් සැප්තැම්බර් 23 වෙනි දින ටුවිටර් පණිවිඩයක් නිකුත් කරමින් නිවේදනය කර ඇත්තේ 2022 නොවැම්බර් මාසයේ ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වන තෙක් වහාම ක්‍රියාත්මක වන පරිදි  Al Bidda Park හි Wadi Al Sail ප්‍රදේශය වසා දැමීමට කටයුතු කරන බවයි.

නොවැම්බර් 20 සිට දෙසැම්බර් 18 දක්වා පැවැත්වෙන මෙගා ක්‍රීඩා ඉසව්වේදී රසික සැණකෙළිය අල් බිද්දා උද්‍යානයේ පැවැත්වීමට නියමිත අතර ඒ සඳහා සූදානම් වීම නිමිත්තෙන් උද්‍යානය තාවකාලිකව වසා දැමීමට මෙලෙස තීරණය කර ඇත.

මෙම සැනකෙළිය අති උත්කර්ෂවත් අන්දමින් සංගීතය, විනෝදාස්වාදය, දේශීය සංස්කෘතිය, ආහාර, ක්‍රීඩා සහ ජීවන රටා ප්‍රවණතා සමඟින් රසිකයින්ට අමතක නොවන අත්දැකීමක් ලඟාකරවීමට කටාර් බලධාරීන් වඩාත් උත්සුකවී කටයුතු කරන බවත් විදෙස් පුවත් සේවා සඳහන් කරයි.