දකුණු කොරියාවේ උත්සවයකදී මියගිය ශ්‍රීලාංකිකයා සිසුවෙක්

දකුණු කොරියාවේ උත්සවයකදී මියගිය ශ්‍රීලාංකිකයා සිසුවෙක්

දකුණු කොරියාවේ සෝල් අගනුවර ඉටාවොන් නගරයේ පැවතී හැලොවින් උත්සවය අතරතුර ඇතිවූ තෙරපීම හේතුවෙන් මියගිය අය අතර එක් ශ්‍රීලාංකිකයෙකු සිටී. එම පුද්ගලයා රැකියාවක් සඳහා  විදේශ ගතවූ අයෙකු නොවන අතර, අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගතවූ පුද්ගලයෙකු බවට තොරතුරු ලැබී ඇති බව  බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි.

මෙම සිද්ධිය වාර්තා වීමත් සමග විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශය ඒ මොහොතේම දකුණු කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් හා සම්බන්ධවී මේ පිළිබඳ සොයා බලන ලදී. තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව මිය ගිය පුද්ගලයා සරණාගත විසා මත එරට රැඳී  සිටි අයෙකි . මියගිය සහ තුවාල ලැබූවන්  අතර ඉහත සඳහන් පුද්ගලයා හැර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු  සිටින බවට මේදක්වා තොරතුරු වාර්තා නොවේ .

මේ පිලිබඳ සවිස්තර  වාර්තාවක් දකුණු කොරියාවේ ශ්‍රීලංකා තානාපති කාර්යාලයෙන් ඉදිරියේදී නිකුත්  කිරීමට නියමිතය.