දකුණු කොරියාවේදී අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගිය ජිනාත්

දකුණු කොරියාවේදී අවාසනාවන්ත ලෙස ජීවිතය හැර ගිය ජිනාත්

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් මියගිය පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයෙකු ද සිටින බව වාර්තා වේ.මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතාද තහවුරු කර තිබෙන අතර මෙලෙස අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව ඇත්තේ 27 හැවිරිදි මහනුවර උඩතලවින්න මඩිගේ ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් ජිනාත් ප්‍රදේශ පදිංචි තරුණයෙකි.

ඔහු වසර 2 ක කාලයක් දකුණු කොරියාවේ රැකියාවක නිරත වී ඇති අතර මාස 02කට ඉහත දී ශ්‍රී ලංකාවට පැමිණ විවාහ වී විවාහයෙන් පසු නැවත දකුණු කොරියාව බලා ගොස් ඇත්තේ මීට මාස එකහමාරකට පෙරය.

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් රාත්‍රී සාදයක් අතරතුර  ඇතිවූ තෙරපීමෙන් මේවනවිට 153 දෙනෙකු මරණයට පත්ව තිබෙන අතර තවත් විශාල පිරිසක් අසාද්‍ය තත්වයෙන් රෝහල්ගතකර තිබේ.

මියගිය අය අතර විදේශිකයින් 19 දෙනෙකු සිටින බවත් ඔවුන් අතර චීන, ඉරාන, උස්බෙකිස්තාන සහ නෝර්වේ ජාතිකයින් හා මියගිය ශ්‍රී ලාංකික තරුණයාත් සිටින බවත් තහවුරුව තීබේ.


වැඩබිම තවත් පුවත් කියවන්න...



මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මියගිය ශ්‍රී ලාංකිකයා රැකියාවක් සඳහා විදේශගත වූවෙකු නොව අධ්‍යාපන කටයුතු සඳහා විදෙස්ගත වූ අයෙකු ලෙසට තොරතුරු ලැබී තිබෙන බවත් තානාපති කාර්යාලයෙන් දැනට ලැබී ඇති තොරතුරු අනුව ඔහු සරණාගත වීසා මත එරට රැඳී සිටි බවත් පෙන්වා දෙයි.

එමෙන්ම, මියගිය සහ තුවාල ලැබූවන් අතර වෙනත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු ඇතැයි මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවත් කාර්යාංශය සඳහන් කර තිබෙන අතර වත් ශ්‍රී ලාංකිකයින්ට අනතුරු සිදුවී ඇත් ද යන්න පිළිබඳ එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා තොරතුරු රැස්කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.