මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

මැලේසියාවේ රැකියාවක් අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන සැලකිලිමත් වෙන්න

මැලේසියාවේ රැකියා දෙන බව පවසමින් තරුණ තරුණියන් 300 දෙනෙකුගෙන් පමණ මුදල් වංචා කළ පුද්ගලයෙකු තලංගම පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

බත්තරමුල්ල රජමල්වත්ත ප්‍රදේශයේ ව්‍යාජ අයුරින් පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිතායතනයක මැලේසියාවේ රැකියා දෙන බව පවසමින්, අජිත් කුමාර වික්‍රමසිංහ නමැති මෙම පුද්ගලයා දිවයින පුරා තරුණ තරුණියන් 180 දෙනෙකුගෙන් පමණ, රුපියල් 151,000 බැගින් සහ සෙසු පිරිසගෙන් රුපියල් 6,000 බැගින් ලබාගෙන තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මුදල් ලබාදී තිබුනත් විදේශ ගත කිරීම දිනෙන් දින ප්‍රමාද වීම නිසා මේ සම්බන්ධයෙන් මතුවූ සැකයක් මත මුදල් ලබා දුන් තරුණයින් පිරිසක් පසුගිය 26 වැනිදා රාත්‍රියේ මෙම විදේශ රැකියා නියෝජිතායතනයට පැමිණ ඒ පිළිබඳව විමසූ විට එහි හිමිකරු විවිධ ප්‍රකාශ කරමින්, තමන් රැවටීමට උත්සාහ ගැනීම නිසා ඔවුන් ඒ සම්බන්ධයෙන් තලංගම පොලිසියට පැමිණිලිකර තිබේ.



වැඩබිම තවත් පුවත් කියවන්න...



එම පැමිණිල්ලට අනුව අදාළ සැකකාර පුද්ගලයා පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භකර තිබේ.