ශ්‍රී ලංකන් ඈවර කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා

ශ්‍රී ලංකන් ඈවර කරන්න කැබිනට් අනුමැතිය ලැබිලා
සීමාසහිත ශ්‍රීලන්කන් ගුවන් සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ විශේෂ තීරණයකට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ.
 
ඒ, ශ්‍රීලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගතකරණය කළ යුතු ක්‍රමවේදය පිළිබඳව කරුණු අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම වෙනුවෙනි.
 
එම කාර්යභාරය සඳහා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය යටතේ ස්ථාපිත රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය විසින් එලෙස තීරණය කර තිබේ.
 
විනිවිදභාවයෙන් යුත් ප්‍රසම්පාදන ක්‍රියාවලියක් මගින් තෝරාගනු ලබන ආයෝජකයන්ට ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ සැලකියයුතු කොටස් ප්‍රමාණයක් සහ ආයතනයේ කළමනාකරණය භාරදීම මගින් ශ්‍රීලන්කන් ගුවන්සේවා සමාගම සහ එහි පරිපාලිත සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම යෝග්‍ය බවට රජය හඳුනාගෙන ඇති අතර ඊට අදාළ මෙම තීරණය ගෙන ඇත.
 
මීට පෙර අවස්ථා කිහිපයකදීම ශ්‍රී ලංකන් ගුවන් සමාගම පුද්ගලීකරණය කිරීම සඳහා උත්සාහ කළද, වෘත්තීය සමිති මෙන්ම ජනතා විරෝධය හමුවේ එම අවස්ථාවන් පරාජය විය.