කොරියානු රැකියා අවස්ථා වැඩි කරගැනීමට අමාත්‍ය මනුෂ කොරියාවට

කොරියානු රැකියා අවස්ථා වැඩි කරගැනීමට අමාත්‍ය මනුෂ කොරියාවට

කොරියානු රැකියා අවස්ථා ප්‍රමාණය ඉහළ නංවා ගැනීමටත්, නව රැකියා ලබාගැනීම සදහා අවශ්‍ය පියවර ගැනීමටත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ රාත්‍රියේදී කොරියාව බලා පිටත්ව ගියේය.

මේ වන විට කොරියානු රැකියාවල නිරතව සිටින මෙරට ශ්‍රමිකයින්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන් කොරියානු රජය සමග සාකච්ඡා කිරීමට නියමිත අතර නව රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය පියවරද ගැනීමට නියමිතය.

නව කොරියානු රැකියා අවස්ථා සදහා මෙරට ශ්‍රමිකයින්ට විවෘත කරදීම සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙම සංචාරයේදී විශේෂ අවධානයක් යොමු කිරීමට නියමිතය. එහිදී මෙරට ශ්‍රමිකයින්  සදහා විවෘත කරගත හැකි නව  ක්ෂේත්‍ර ගැන අවධානය යොමු කිරීමට නියමිත අතර සේවා යෝජකයින් හමුවී සාකච්ඡා කිරීමටද නියමිතය.

විශේෂයෙන්ම කොරියානු රජයේ නියෝජිතයින් සමග කම්කරු ක්ෂේත්‍රය සම්බන්ධයෙන් වන ද්වි පාර්ශවික සාකච්ඡා පැවැත්වීමටද නියමිතව ඇත. කොරියාව ආර්ථික ක්ෂේත්‍රයේ ඉහළ ප්‍රගතියක් අත්කරගැනීම සදහා කම්කරු නීති සකස්කර ඇති ආකාරය මෙන්ම ශ්‍රම සම්පත ආර්ථික ඵලදායී අයුරින්‍ යොදා ගැනීමට ගත් පියවර සම්බන්ධයෙන් අවධානය යොමු කර එය ලංකාවට අදාල කරගැනීම පිළිබද අවධානය යොමු කිරීමටද නියමිතය.