විදේශගත ශ්‍රමිකයින් ගැන ඇමති මනූෂ විශ්වාසයෙන්

විදේශගත ශ්‍රමිකයින් ගැන ඇමති මනූෂ විශ්වාසයෙන්
විදේශගත ශ්‍රමිකයින් මාසිකව මෙරටට එවන මුදල් ප්‍රමාණය ඉදිරි කාලසීමාවේදී ඩොලර් මිලියන 400 සීමාවට පැමිණෙනු ඇති  බවට තමන් බලාපොරොත්තුවෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර  මහතා ප්‍රකාශ කරයි.
 
පසුගිය 01 වෙනි දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකක්ශ කල අතර රජය හඳුන්වාදුන් දිරිදීමනා ක්‍රම සහ රජය පිළිබඳ විදේශගත ශ්‍රමිකයින් තබා ඇති විශ්වාසය මෙම තත්ත්වයට හේතුවී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 

"ආරම්භක අවස්ථාවේදී ඩොලර් මිලියන 205 පසුව 247ක් එක 274,පසුව ඩොලර් මිලියන 305,325 පසුව 359 දක්වා පසුගිය මාස 04 ඇථුළත විදේශගත ශ්‍රමිකයින් බැංකු හරහා මෙරටට මුදල් එවා තිබෙනවා.මේ දිරි දීමනා,යෝජනා මේ සියල්ල ක්‍රියාත්මක කරන්නේ රටේ මේ වෙලාවේතියෙන ආර්ථික තත්ත්වයත් එක්ක රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නීත්‍යානුකූල නොවෙන මාර්ග හරහා තමයි පසුගිය කාලේ ආවේ.මේ හරහා ලංකාවට ඕඅනි කරන මුදල් ප්‍රමාණය ඩොලර් ප්‍රමාණය දිනෙන් දින සුවුනා.වෙනදාවිදේශ ශ්‍රමිකයින් ලංකාවට එවපු ඩොලර් මිලියන 700කට ආසන්න ප්‍රමාණය තමයි ඩොලර් මිලියන 200ක් වගේ දක්වා අඩු වුනේ" යනුවෙන්ද අමාත්‍යවරයා එහිදී කරණු දැක්වීය.