පාස්පෝට් නිකුත් කිරීම හදිසියේ නවතියි

පාස්පෝට් නිකුත් කිරීම හදිසියේ නවතියි

ආගමන විගමන දෙපාර්තමේන්තුව මගින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම අද (8) උදෑසන සිට තාවකාලිකව අත්හිටුවා ඇත.

එහි පරිගණක පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් මෙලෙස ගමන් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නට සිදුවූ බව එහි මාධ්‍ය ප්‍රකාශිකා පියුමි බණ්ඩාර මහත්මිය පැවසුවාය.

ඒ අනුව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය ඇතුළු සියලුම ප්‍රාදේශීය කාර්යාලවලින් විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති අතර, කඩිනමින් මෙම දෝෂය යථා තත්වයට පත්කරගැනීමට කටයුතු කරගෙන යන බව ද ඇය සඳහන් කළාය.



වැඩබිම තවත් පුවත් කියවන්න...


හෙට පමණ වන විට ගමන් බලපත්‍ර නිකුත් කිරීම යථා තත්වයට පත්කිරීමට හැකිවනු ඇතැයි ද බණ්ඩාර මහත්මිය කීවාය.