විදෙස් රැකියා ජාවාරමක නිරතවූ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේදි දැලේ

විදෙස් රැකියා ජාවාරමක නිරතවූ ශ්‍රී ලාංකිකයින් ඉන්දියාවේදි දැලේ

ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

බැංග්ලෝර්හි බසවනගුඩි පොලීසියට ලැබුණු තොරතුවලට අනුව සිදුකළ මෙහෙයුමකින් පසුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් වසර ගණනාවක සිට විවිධ පුද්ගලයින්ට ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දී ඇති බව සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඉන්දීය ජාතිකයින් ලෙස ව්‍යාජ හැඳුනුම්පත් යොදාගෙන පුද්ගලයින් පනස් දෙනෙකුට පමණ මේ ආකාරයෙන් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය වැනි රටවලට පිටත්කර හැර ඇති බව සඳහන්ය.

එලෙස විදෙස් ගත වී ඇති පුද්ගලයින් රැසක් මීනිමැරුම් කොල්ලකෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බවට ද ඉන්දීය පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.