ගුවන් මගීන්ට හොඳ ආරංචියක්

ගුවන් මගීන්ට හොඳ ආරංචියක්

2023 ජනවාරි 01දා සිට ක්‍රියාත්මක වන පරිදි මෙරටට පැමිණෙන විදේශිකයින් සහ ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයන්ට ගුවන් ගමනකදී සම්පූර්ණ කළයුතු ,පැමිණිමේ සහ පිටවීමේ කාඩ්පත, මාර්ගගත ක්‍රමයට සිදුකිරීම අවස්ථාව හිමිවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා මෙරටින් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට එම කාඩ්පත් සම්පූර්ණ කිරීම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් සිදුකිරීමේ හැකියාව පවතින බව ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයකට අනුව ගුවන් මගීන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ www.immigration.gov.lk නිල වෙබ් අඩවියට පිවිස හෝ https://eservices.immigration.gov.lk/emb/eEmbarkation වෙබ් පිටුව ඔස්සේ තමා ගුවන් ගතවීමට නියමිත දිනට දින තුනකට පෙර සිට මෙම කාඩ්පත පිරවීමට පහසුකම් සපයා ඇත.