2023 මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත කිරීම අත්හිටුවනවා

2023 මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදෙස්ගත කිරීම අත්හිටුවනවා
ශ්‍රී ලාංකික කාන්තාවන් ලබන වසරේ මාර්තු මාසයේ සිට ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතකිරීම නතර කරන බවත් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් ගෘහපාලන සහකාරවරියන් රැකියා සඳහා පිටත් කිරීමට පියවර ගන්නා බවත් කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.
 

ඒ ඊයේ(18) දිනයට යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දින සැමරුම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංවිධානය කර තිබූ උත්සවයකට එක්වෙමිනි.

ශ්‍රී ලාංකික කාන්තාවන්ට විදේස් ගෘහ සේවයේ යෙදීම සඳහා උසස් ප්‍රතියෙන් යුත් පුහුණුවක් ලබාදීමට සුළසුම් කර ඇති බවත් එම පුහුණු වැඩසටහන ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව පවතින බවත් හෙතෙම එහිදී සඳහන් කළේය.