අදාල ගෘහ සේවිකාව මෙම බිළිඳාට කිහිපවරක්ම පහර දෙන ආකාරය එම නිවසේ සවිකර ඇති කැමරා වලින් අනාවරණය වී තිබෙන අතර ඒ හරහා අදාල ගෘහ සේවිකාවට එරෙහිව අධිකරණයේ පැමිණිලි කිරීමට බිළිඳාගේ පියා කටයුතු කර තිබේ.
කෙසේ වෙතත් අධිකරණය හමුවේ චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදාල සැකකාර ගෘහ සේවිකාව විසින් ප්‍රකාශ කර ඇත්තේ බිළිඳාට කිසිඳු හානියක් කිරීමට තමන්ට අවශ්‍ය නොවූ බවත්,දරුවාගේ හිස පිරිමඳිමින් නිදි කරවීමට උත්සාහ කර බවයි.
නමුත් බිළිඳාගේ පියා විසින් අධිකරණය වෙත යොමුකල වීඩියෝ පට හරහා ගෘහ සේවිකාව පහරදෙන ආකාරය ඔප්පුවීම නිසා 2026 අංක 3 දරන ෆෙඩරල් නීතිය යටතේ ගෘහ සේවිකාවට එරෙහිව චෝදනා ගොනුකොට එහිදී වරදකරු බවට ඔප්පුවිම නිසා දඬුවම් හිමිව ඇත.
