මිනිස් ජාවාරම් හා අපරාධ පිළිබඳ සමුළුව ඕස්ට්‍රේලියාවේදී (Video)

මිනිස් ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබද පුළුල්ව සාකච්ඡා කෙරුණු 8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව සාර්ථකව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ්හිදී පැවැත්විය.

ලෝකයේ විවිධ ස්වරූපයේ වහල් සේවයන් හි යෙදෙන ජනතාව මිලියන 50 ක් පමණ වේ.

මිනිස් ජාවාරම් සහ අනෙකුත් ජාත්‍යන්තර අපරාධ පිළිබද 8 වැනි බාලි ප්‍රෝසෙස් අමාත්‍ය සමුළුව ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවරදී (09) දින පැවැත්විය.

නූතන වහල් සේවය අවසන් කිරීමේ ජාත්‍යන්තර ප්‍රයත්නයක් වන මෙම අමාත්‍ය සමුළුවට ලෝකයේ විවිධ රටවල්වල රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින් සහ ව්‍යාපාරික නායකයින් එක්ව  සිටියේ ය.

එහි මුලසුන හෙබවූයේ ඔස්ට්‍රෙලියානු විදේශ අමාත්‍ය, පෙනී වොන්ග් සහ  ඉන්දුනීසියානු විදේශ අමාත්‍ය රෙට්නො මර්සුදි විසිනි.

අමාත්‍යවරුන්ගේ එම සමුලුවෙන් පසු  බාලි ප්‍රෝසෙස්හි 3 වැනි රාජ්‍ය සහ ව්‍යාපාර සමුලුව ද අද (10) පැවැත්විය.

මෙම සමුළුවට  විවිධ රටවල අග්‍රාමාත්‍යවරුන් විදේශ අමාත්‍යවරුන් රාජ්‍ය නායකයින් සහ ව්‍යාපාර ලෝකයේ ප්‍රභල නායකයින් රැසක් එක්ව සිටියේ ය.

එම  සසමුළුවෙහි ශ්‍රී ලංකාව නියෝජනය කළේ, විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතායි.

පෙර නොවූ විරූ ආර්ථික අර්බුදය හේතුවෙන් මිනිස් ජාවාරම්කරුවන් විසින්  ජනතාව ආකර්ෂණය කර ගැනීමේ අවදානම ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකාව ද දැනුවත් බව විදේශ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසු වේ ය.

ජාවාරම් සහ පුද්ගල ජාවාරමට එරෙහිව දේශීය, කලාපීය සහ ජාත්‍යන්තර පද්ධති ශක්තිමත් කිරීම සඳහා ශක්තිමත් සහ පුළුල් සැලැස්මක් මත වැඩ කරන ලෙස රාජ්‍ය අමාත්‍ය බාලසූරියමහතා සමුළුවෙන් ඉල්ලා සිටියේ ය.

ශ්‍රී ලංකාවේ ව්‍යාපාර ක්ෂේත්‍රෙය් නායකත්වය වෙනුවෙන් කැපිටල් මහාරාජා සංවිධානයේ විධායක සමූහ අධ්‍යක්ෂ ෂෙවාන් ඩැනියෙල් මහතා සමුලුව ඇමතුවේ ය .

මෙහිදී ඩැනියෙල් මහතා ශ්‍රී ලංකිකයින් වෙනුවෙන් මැදපෙරදිග රටවල් දක්වන සහයෝගය සඳහා ස්තූතිය පළ කරන ලදී,

ලෝකය පුරා සිදුවන වහල් සේවයන්ට එරෙහිව ක්‍රියාත්මක බාලි ප්‍රෝසෙස් වැඩසටහන සමග ශ්‍රී ලංකාව සහ කැපිටල් මහාරාජා සංවිධානය නිරන්තරයෙන් අත්වැල් බැඳගෙන කටයුතු කරයි.

(නිව්ස් ෆස්ට්)