ඉතාලි රැකියා කෝටාවට සම්බන්ධයෙන් ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!

ඉතාලි රැකියා කෝටාවට සම්බන්ධයෙන් ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්!
  • ඉතාලියේ සිටින ශ්‍රී ලංකා තානාපති කරුණු පැහැදිළි කරයි.

ඉතාලියේ රැකියා  අවස්ථා සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීම පිළිබදව 2023.03.07 වන දිනෙන් තානාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් කාර්යාංශය වෙත නිකුත් කරන ලද  නිවේදනයේ සඳහන් කරුණු පිළිබඳව පහත සඳහන් තොරතුරු ඔබවෙත කාරුණීකව ඉදිරිපත් කරමි.

මෙම නිවේදනයේ සඳහන් කරුණු සම්බන්ධයෙන් ඉතාලියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ තනාපති ජගත් වැල්ලවත්ත මහතා විසින් 2023.03.08 වැනි දින කාර්යාංශය වෙත ලිපියක් යොමු කරමින් කරුණු පැහැදිළි කර ඇත.

එමගින් සිදු කර ඇති පැහැදිලි කිරිම අනුව ශ්‍රී ලංකාව ඇතුළු යුරෝපා නොවන රටවල් සඳහා වාර්ෂිකව ඉතාලි රජය විසින් ලබාදෙනු ලබන කෝටා ක්‍රමය යටතේ රැකියා අවස්ථා ලබාගැනිම සදහා අයඳුම් කිරිම ඉතාලියේ සිටින සේවා යෝජකයින් සහ ව්‍යාපාරික සමාගම් විසින් සිදු කල යුතුව ඇති බවත් එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකිකයන්ට සෘජුවම අයදුම් කල නොහැකි බවත් දැනුම් දී ඇත.

ඉහතින් සඳහන් තොරතුරු සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙසත් ශ්‍රී ලංකාවේ සිට මෙම රැකියා අවස්ථා සඳහා සෘජුවම අයදුම් කිරීමට නොහැකි බවත් ඉතාලියේ සේවා යෝජකයින් විසින් ඉල්ලුම්පත් ඉදිරිපත් කල යුතු මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ලබාදීමෙන් වැලකී සිටින ලෙසත් කාර්යාංශය වැඩිදුරටත් දන්වා සිටි.

අදාළ පුවත පහතින් දැක්වේ