ඩුබායි බලා ගිය ගුවන් යානයට ඇත්තටම මොකද වුණේ?

ඩුබායි බලා ගිය ගුවන් යානයට ඇත්තටම මොකද වුණේ?
පැය 15 කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඩුබායි බලා පිටත්වූ ශ්‍රී ලන්කන් ගුවන් යානය කාර්මික දෝෂයකට ලක් වීමෙන් යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත අද (08) දින උදෑසන ගොඩ බස්වා තිබේ .
 
ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානය ඩුබායි බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඊයේ (07) දින සවස 06.25 ට වුවද,  මෙම ගුවන් යානය පිටත්ව ගොස් තිබුණේ අද (08) උදෑසන 09.30 ටය .
 
එහෙත්  ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් පැය 01 යි විනාඩි 10 කට පසුව එනම් උදෑසන 10.40 ට යළිත් කටුනායක ගුවන් තොටුපළ වෙත ගොඩ බස්වා තිබේ . 
 
ඒ වනවිට මෙම ගුවන් යානය ඉන්දියාව සමීපයට ගමන් කර තිබුණු බව සඳහන්ය.
 
මෙම ගුවන් යානයේ ප්‍රධාන නියමුවා ඉදිරිපිට ඇති වීදුරුව (Windscreen Crack ) ඉරිතැලීමකට ලක් වී ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග පවසයි.
 
එනිසා තවදුරටත් ඉදිරියට ගමන් නොකර ගුවන් නියමුවා , තම ගුවන් යානය ආපසු හරවා ගෙන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
මෙම සංසිද්ධිය සිදුවන අවස්ථාව වනවිට මෙම ගුවන් යානය තුළ මගීන් 189 දෙනෙකු සහ කාර්යය මණ්ඩලය 15 දෙනෙකු සිට තිබේ .
 
මෙම ගුවන් ගමන වෙනත් ගුවන් යානයක් යොදවා අද (08) සවස කටුනායක ගුවන් තොටුපළෙන් ඩුබායි බලා පිටත්ව යාමට නියමිත බව ද ගුවන් තොටුපළ ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියි.