සුඩාන් යුද ගැටුම් මැද සිරවී සිටි ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ

සුඩාන් යුද ගැටුම් මැද සිරවී සිටි ලාංකිකයින් පිරිසක් බේරා ගැනේ
හමුදා පාලනයක් යටතේ ඇති සුඩානය පසුගිය දා සිවිල් රජයක් යටතට පත් කිරීම පිළිබඳව සලකා බැලීම හේතුවෙන් එරට අතුරු හමුදාවක් හමුදාවට එරෙහිව සටන් ආරම්භකල අතර මේ වනවිට සුඩාන වැසියන් දහස් ගණනක් සිය නිවෙස් අත්හැර කාටූම් නගරයෙන් පළා ගොස් ඇති අතර එරට රැදී සිටින විදෙස් ජාතිකයින් මුදා ගැනීම සඳහා රටවල් කිහිපයක් මෙහෙයුම් දියත් කර තිබෙන බවත් විදෙස් මාධ්ය වාර්තා කරයි.
 
සූඩානයේ ගැටුම් මැද සිරවී සිටින ලාංකිකයින් මුදා ගැනීම සඳහා ඉන්දියානු බලධාරීන්ගේ සහාය ලබා ගැනීමට අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නිවේදනය කර තිබූ අතර එහි අලුත්ම වාර්තාවන්ට අනුව සිරවී සිටි ලාංකිකයින් පිරිසක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකියාව ලැබුනු බව විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින්කියා සිටී.
 
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ සුඩානයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 41 දෙනෙකුගේ තොරතුරු ලැබුණු බවත් ඉන් 13 දෙනෙක් බේරාගත් බවත් ඉතිරි පිරිස ඉන්දියාවේ හෝ සෞදි අරාබියේ සහායෙන් නිරුපද්‍රිතව බේරා ගැනීමට කටයුතු කරන බවයි.