සෞදියේ දී වධ බන්ධනයන්ට ලක්වූ බිරිඳ ගෙන්වා ගැනීමට මුදල් නෑ – සැමියා කියයි

සෞදියේ දී වධ බන්ධනයන්ට ලක්වූ බිරිඳ ගෙන්වා ගැනීමට මුදල් නෑ – සැමියා කියයි

බලධාරීන් කෝ?

සෞදි අරාබියේ නිවසක වධ බන්ධනයන්ට ලක් වෙමින් දුක්විඳි තිස් හැවිරිදි දෙදරු මවක වන ගම්පොල අඟුරුමුල්ල පහල වත්තහේන පදිංචි සචිනි මධුෂානි ගුණසේකර නමැති කාන්තාව පිළිබඳව මාධ්‍ය මගින් හෙළි කිරීම සමග ඇය සෞදි තානාපති කාර්යාලය වෙත ගෙන්වා ඇතත් ඇය මෙරටට ගෙන ඒමට නම් ඒජන්සිය වෙත රුපියල් දෙලක්ෂ අනුඅට දහසක මුදලක් ගෙවන ලෙස විදේශීයව සේවා නියුක්ති කාර්යාංශය ප්‍රකාශ කරන බව ඇගේ සැමියා පවසයි.

සෞදියේ දී වධ බන්ධනයන්ට ලක්වූ බිරිඳ ගෙන්වා ගැනීමට මුදල් නෑ - සැමියා කියයි

සෞදියේ දී වධ බන්ධනයන්ට ලක්වූ බිරිඳ ගෙන්වා ගැනීමට මුදල් නෑ - සැමියා කියයිත්තේගෙදර ශිරන්ත මධුසංඛ තිලකරත්න වන ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම මුදල නොගෙවන්නේ නම් ඉදිරියේදී රුපියල් ලක්ෂ 27 ක මුදලක් ගෙවීමට සිදුවන බව සෞදි තානාපති කාර්යාල නිලධාරින් තමාට දැනුම් දුන් බවයි. ගම්පොල විදේශ සේවා ආයතනයක් මැදිහත් වී තමාගේ බිරිඳ ගෘහ සේවයට යැවීමේ දී ඔවුන් විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් හා ඉන්පසු රුපියල් 13,000ක මුදලක් දෙන බව ප්‍රකාශ කළද ඔවුන් ඒ කිසිවක් තමාට නොදුන් බවද තිලකරත්න යන අය පවසයි.

සෞදි තානාපති කාර්යාලයේ සිටින බිරිඳ ගෙන්වා ගැනීමට විදෙස සේවා කාර්යාංශය වෙත කිහිප වරක් ගියද ඒ අය ඒජන්සිය පැත්ත අරගෙන කතා කරමින් බිරිඳ ගෙන්වා ගැනීමට උදව් නොකරන බවද ඔහු කියයි. දරු දෙදෙනා බලාගෙන නිවසේ සිටින තමා හට කිසිදු කුලි වැඩකට යෑමට නොහැකිව සිටින නිසා නිසි ලෙස ආහාර සපයා ගැනීමටවත් මුදල් සොයා ගැනීමට නොහැකිව සිටියදී සෞදි තානාපති කාර්යාලය කියන රුපියල් ලක්ෂ 27 හෝ විදේශ රැකියා ආයතනය කියන රුපියල් ලක්ෂ තුන වත් සොයා ගැනීමට නොහැකි බව ඔහු පැහැදිලි කරයි.

එසේම මෙම තත්ත්වයෙන් වින්දිතයන් ව සිටින ඔහුගේ බිරිඳ සහ ඔහු සමග දරු දෙදෙනාට යුක්තිය ඉටුවනු පිණිස මෙම අපරාධයට වගකිවයුතු පාර්ශවයන්ට නීත්‍යානුකූලව කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

(දිවයින)