පාස්පෝට් හදනවා නම් නිවැරදි ක්‍රමයෙන් ගන්න -නැත්තම් මුදල් අපතේ, ඔබත් අමාරුවේ

පාස්පෝට් හදනවා නම් නිවැරදි ක්‍රමයෙන් ගන්න -නැත්තම් මුදල් අපතේ, ඔබත් අමාරුවේ

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල  රැදී  සිට පුද්ගලයන්ගෙන් මුදල් ලබාගත්  තැරව්කරුවන් 9 දෙනෙකු පොලිස් බුද්ධි අංශ මගින් අද (19) අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

මෙම සැකකරුවන් මෙහි සේවාවන් ලබා ගැනීම සඳහා  පැමිණෙන  පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන විදේශ ගමන් බලපත් හොර පාරෙන්   සකස් කරන්න පුද්ගලයින් බවද එම අමාත්‍යාංශය පවසයි.

ආගමන විගමන දෙපාර්තමේන්තුව අසල විදේශ  ගමන් බලපත්‍ර සැකසීම සදහා රුපියල් 25,000 ක මුදලක් අයකර ගනිමින් පෝලිම්වල නොසිට මෙම විදේශ ගමන් බලපත්‍ර නිසි ක්‍රියාමාර්ගවලට පරිබාහිරව ගොස් සකස් කර දෙන බවට පැමිණිලි ලැබී තිබු අතර මාධ්‍ය මඟින් ද මේ බව හෙළි කර තිබුණි. 

මේ අනුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා බුද්ධි අංශවලට මේ පිලිබදව වහාම සොයා බලන ලෙසට ඊයේ දිනයේදී නියෝග කර ඇත

ඒ අනුව අද උදෑසන සිදුකළ මෙහෙයුමකදී    පුද්ගලයින්ගෙන් මුදල් ලබාගත් මෙම සැකකරුවන්  අත් අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම් ඉදිරියටත් ක්‍රියාත්මක වන අතර මෙසේ වංචනිකයන් සමග එකතුවී ක්‍රියාකරන අනෙකුත් නිලධාරීන් පිලිබදවද සොයා බලන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා  දැනුම් දී ඇත