පාස්පෝට් පහසුවෙන් ලබා ගන්න අලුත් සැලැස්මක්

පාස්පෝට් පහසුවෙන් ලබා ගන්න අලුත් සැලැස්මක්

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 50ක ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ මූලික පහසුකම් සලසන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අල්ලස් ප්‍රකාශ කර තිබේ.

 ඊයේ (22) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව සඳහන් කර තිබෙන අතර  E-Passport මේ වසර තුළ නිකුත් කිරීමට බලාපොරොත්තුවන බව ද අමාත්‍යවරයා සඳහන් කළා.




 මේ අතර ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා ද දිවයින පුරා ස්ථාන 5ක් ස්ථාපිත කරන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.