රටට ඩොලර් හොයන්න ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති

රටට ඩොලර් හොයන්න ගිය මව ගෙනත් දෙන්නැයි දරුවෝ ඉල්ලති

සෞදි අරාබියේ රැකියාවකට ගොස් දැනට අතරමංව සිටින සිය බිරිය ගෙන්වා දෙන්නැයි සෙල්ලකතරගම කොහෙඹ දිගාන පදිංචිව සිටින පි.චමිල්සිරි නන්ද නමැති සිව්දරු පියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සෞදියේ රැකියාවක් නොමැති තම බිරිය අපා දුක් විඳින බව පැවැසූවේ යැයි ද ඔහු කියයි.

දරුවන් හතර දෙනකුගේ පියකු වන චමිල්සිරි මහතා අඬාවැටෙමින් ඉල්ලා සිටියේ තම බිරිය ගෙන්වා දෙන ලෙසයි.

මගේ නෝනා රට ගියේ දැඩි ආර්ථික ගැටලුවලින් මිදෙන්න, එහෙත් නෝනා සවුදි අරාබියට ගියත් තවමත් රස්සාවක් ලැබුලා නැහැ.

පසු ගිය මාසයේ (අප්‍රේල්) කොළඹ එජන්සියක ආධාරයෙන් ඇය සෞදි අරාබියේ රැකියාවකට ගොස් ඇත.

ඇය මේ වන විට සවුදි අරාබියේ ඒජන්සිකරුවන්ට අයත් කාමරයක සිරකර සිටින බව එච්. එම්. දිල්රැක්ෂි මව සදහන් කර ඇත.

තවත් කාන්තාවන් 10 කු පමණ මෙම කාමරයක සිටින බවත් හැකි ඉක්මනින් තමන් බේරා ගන්නා ලෙස සිය සැමියා වෙත පණිවිඩය එවා ඇත.

සිය බිරිඳ සම්බන්ධයෙන් විදෙස කටයුතු අමාත්‍යාංශය වෙත ද දුරකතනය ඔස්සේ පැමිණිල්ලක් කළ බවත් එහිදි ඔහුන් පවසා ඇත්තේ පැමිණ පැමිණිලි කරන ලෙසයි.

සිය දරුවන් දමා කිසිදු රැකියාවක් කිරිමට යැමට නෙහැකි බව පවසන දරුවන් ගේ පියා චමිල්සිරි නන්ද මහතා සදහන් කළේ තමන්ටෙ සිය බිරිඳ පැවසුවේ රට ගොස් නිවසක් සැදිමට මුදල් එවන බැවින් දරැවන් සමග ජිවත් වන ලෙස බව චමිල්සිරි නන්ද මහතා පවසයි.

(ලංකාදීප)