කුවේටයේ සහ කටාරයේ සිටින ඔබ දැනගත යුතුම නිවේදනයක්!

කුවේටයේ සහ කටාරයේ සිටින ඔබ දැනගත යුතුම නිවේදනයක්!
කුවේටයේ සහ කටාරයේ සිටින ලාංකික ඔබට වැදගත්වෙන නිවේදයක් කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ. 
 
එම නිවේදනයට අනුව කුවේටය සහ කටාර් රාජ්‍ය සිය රථවාහන පද්ධති එකට සම්බන්ධකර තිබෙන අතර නීති කඩ කිරීම් ලියාපදිංචි කිරීමට, එවගේම ඉලෙක්ට්‍රොනිකව දඩ මුදල් එකතු කිරීමට රථවාහන පද්ධතිය කටාර් රාජ්‍යය සමඟ සම්බන්ධකල බව නිවේදනය කර ඇත.
 

2023 පෙබරවාරි මාසයේදීඉ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය සමඟ සමාන පද්ධතියක් ස්ථාපිත කිරීමෙන් පසුව මෙම ක්‍රියාමාර්ගය ගැනීමට කටයුතු කල බවයි කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන්කර ඇත්තේ.