මෙරට පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසයි

මෙරට පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසයි
මෙරට පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය වසා දැමීමට තීරණය කර තිබේ.
 
මෙරට තානාපතිනි Trine Jøranli Eskedal විසින් මේ බව කියා සිටියේ, ඇයගේ ට්විටර් ගිණුමේ සටහනක් තබමිනි.
 
ඒ අනුව ජූලි 31 වන දා සිට අදාළ කාර්යාලය වසා දැමෙනු ඇත..
 
අගොස්තු පළමුවනදා සිට නොර්වේ රාජ්‍යයේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සම්බන්ධ ද්විපාර්ශ්වික සබඳතා කටයුතු ඉන්දියාවේ නව දිල්ලි නුවර පිහිටි නෝර්වේ තානාපති කාර්යාලය හරහා සිදු කිරීමට නියමිතය.
 
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් @norwayinindia ට්විටර් ගිණුම සමඟ එක් වන ලෙස ද Trine Jøranli Eskedal සිය ට්විටර් සටහනේ වැඩිදුරටත් දක්වා තිබේ. 
 
norway