විදේශ රැකියාවල නිරතව සිටින ලාංකිකයින් වෙනුවෙන් නව නිවාස යෝජනාවලියක්

විදේශ රැකියාවල නිරතව සිටින ලාංකිකයින් වෙනුවෙන් නව නිවාස යෝජනාවලියක්
විදේශ රැකියා වල නිරතව සිටින ශ්‍රමිකයින් වෙනුවෙන් ආරම්භ කිරිමට යෝජිත නිවාස ව්‍යාපෘතිය සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මඟින් අවශ්‍ය මූල්‍ය සහයෝගය ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා සඳහන් කරයි.
 
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය ඒකාබද්ධව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
 
නිවාස ව්‍යාපෘතියට අදාලව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට නියමිත කැබිනට් පත්‍රිකාව පිලිබඳ ප්‍රගති සමාලෝචන රැස්විමක් අද පෙරවරුවේ  අමාත්‍ය මනුෂ නානායක්කාර හා නාගරික සංවර්ධන හා නිවාස රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ දි පැවති අතර එහිදි මේ සම්බන්ධව අවධානය යොමු කෙරෙනි.
 
ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ව්ව්ව්.ස්ල්බ්ෆෙ.ල්ක් වෙබ් අඩවිය මඟින් , විදේශගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතා සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදුකල අතර එහිදි හදුනාගත් ගැටළු සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ විශේෂ අවදානය යොමුවිමේ ප්‍රතිඵලයක් ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට මුලික සැලසුම් සකස් කෙරිනි.නිවාස ව්‍යාපෘතියට අදාල සාකච්ඡා වට කිහිපයක් මිට පෙර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග හා රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ යන මහත්වරුන් සමඟ පවත්වා තිබේ.
 
මීට අදාල කැබිනට් පත්‍රිකාව ඉක්මනින් සංශෝධන කර , කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය පියවර ගැනිමට මනුෂ නානායක්කාර අමාත්‍යතුමන් නිළධාරින්ට මෙහිදි උපදෙස් ලබා දුන්නේය.
 

මෙම අවස්ථාවට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා නිවාස සංවර්ධන අධිකාරියේ උසස් නිලධාරිහු එක් වි සිටියහ.